දන්නේ නැති ඉංග්‍රීසි වචනයක තේරුම මවුස් පොයින්ටරයෙන් බලන ගැජට් එකක් .
මෙම ගැජට් එක මගින් අප නොදන්නා ඉංග්‍රීසි වචනයක් මත මවුස් පොයින්ටරය මද වෙලාවක් රඳවා තැබූ විට එහි සිංහල තේරුම පෙන්වයි.
මේ ගැජට් එකේ නම LKTips. මෙමගින් ඔබ කියවන වෙබ් පිටුවක ඔබ නොදන්නා ඉංග්‍රීසි වචනයක් ඇතිවිට එය පරිවර්තනය කර පෙන්වයි.
ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබ නොදන්නා ඉංග්‍රීසි වචනය මත මවුස් පොයින්ටරය මඳ වේලාවක් රඳවා තබාගැනීම පමණයි. මෙම ඇඩෝනය ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සංස්කරණ සඳහා සහය දක්වයි.
එදිනෙදා ජීවිතයේදි අපට නිතර ඉංග්‍රීසි සමග ගනුදෙනු කිරීමට සිදුවෙනවා.අප ඉංග්‍රීසි භාෂාවේ නොදන්නා වචන එමටයි. එම නිසා යමක් කියවීමේදී බොහෝ අය අපහසුතාවයට පත්වෙනවා. අන්තර්ජාලයේදි පවා නොදන්නා ඉංග්‍රීසි වචන නිසා අපහසුතාවයට පත්වීම මග හරවාගන්න මේක හොඳ පිළියමක්.
පහත ඇති screenshot බලන්න
මෙම ඇඩෝනයේ මීට අමතරව Dictionary පහසුකමද සපයා ඇත.
අදාළ බ්‍රවුසරයට අනුව මෙතනින් පිවිස බාගත කරන්න.